දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරීම් කටයුතු නියමිත දිනට අවසන් කිරීමට නොහැකි බවයි.
සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරන්නේ පාලමේ ඉදිකිරීම් කටයුතු විධිමත් නොවීම හේතුවෙන් එය යළිත් අබලන් තත්ත්වයට පත්ව ඇති බවකි.
“දිට්වා කුණාටුවෙන් පස්සේ මේ වෙනකොට මාස තුනක් පහුවෙලා තියෙනවා. දුම්රිය මාර්ග සම්පූර්ණ වශයෙන් යථාවත් කිරීම දිනෙන් දින ප්‍රමාද වෙනවා. පේරාදෙණියේ පාලම රජය මගින් දින නියම කරලා අප්‍රේල් 28 වෙනකොට අවසන් කරනවා කියලා නමුත් මේ වෙනකොට ඒකේ වැඩ නැවතිලා තියෙනවා. හැබැයි ඒකට වෙන වෙන කතා රජයට හිතවාදී වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන වෙනම ප්‍රචාරන යනවා. නමුත් සත්‍ය කතාන්දරය පාලම මේ වෙනකොට නැවතත් ඇදවීමකට ලක්වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව කටයුතු කරන්නේ නෑ. නුවර සිට දිනපතා රාජ්‍ය සේවයට හා පුද්ගලික අංශයේ සේවයට එන මගීන් දැඩි අපහසුතාවයකට පත්වෙලා තියෙන්නේ. මාස තුනක් තිස්සේ උලපනේ – නාවලපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් තියෙනවා. ඒ දුම්රිය බොහොම පහසුවෙන් ගෙනියන්න හැකියාව තියෙද්දිත් ඒකටවත් දෙපාර්තමේන්තුව තීන්දු කරලා නැහැ”

