එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද (22) රාත්‍රීදී අමෙරිකාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියා .
ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතව ඇති බවයි සඳහන් වන්නේ .
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව තිබෙනවා .
එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට නියමිතව තිබෙනවා .

