කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර එහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත තිබෙනවා .
ඒ අනුව අද ආරම්භවන සමාරම්භක වැඩසටහනින් පසු දිවයින පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව කම්කරු අමාත්‍යාංශය පවසා සිටියා .
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසා සිටියා .

