spot_img

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන පරිදි, බඹරවාන උස්බීම් ජනපදයේ “ඩීජේ වත්ත” ප්‍රදේශයේ කිසියම් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන බවට ලැබුණු දැනුම්දීමක් අනුව, එම සිද්ධිය සොයා බැලීමට ගිය අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් ඔහුට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සම්පත් අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාගෙන පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පිටිගල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල නෞකා දෙකකට ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ අද (18) දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සමුද්‍ර ආරක්ෂක...

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානයෙන් තීරණයක්

ඉරානය අද (18) සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා තැබීමට පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC)...

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

වෙනත් ලිපිRELATED