spot_img

හැඳුනුම්පත් ගැටලුවට විසඳුම් – අඩපණ වූ එක්දින සේවය යළි ඇරඹෙයි – අතපසු වූ අයට අද විශේෂ අවස්ථාවක්!

පසුගිය දින කිහිපය පුරා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණි සේවාලාභීන් දැඩි අපහසුතාවයට පත් විය.

කෙසේ වෙතත්, එම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් අදියරට පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තාක්ෂණික දෝෂය හේතුවෙන් මේ මස 23, 24 සහ 26 යන දිනවල බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාල වෙත පැමිණ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන් සඳහා අද දිනයේ (විශේෂ දිනයක් ලෙස) එක්දින සේවය මඟින් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, අදාළ දිනවල සේවය ලබාගත නොහැකි වූ පුද්ගලයන්ට අවශ්‍ය සියලුම ලේඛන රැගෙන පැමිණ තම හැඳුනුම්පත් ලබාගත හැකිය.

හෙට දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ මෙන්ම සියලුම පළාත් කාර්යාලවල ද සුපුරුදු පරිදි එක්දින සේවාව ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

ඒ අනුව, මින් ඉදිරියට එක්දින සේවය සඳහා පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව සිය සේවාවන් සපුරා ගැනීමට අවස්ථාව හිමි වේ.

පද්ධතියේ යාවත්කාලීන කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කර, ලබන මස 06 වනදා සිට දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED