spot_img

සීට්ටු දෙකේ පැටලැවිල්ල ඉවරයි – අවිනිශ්චිතව තිබූ අවුරුදු නැකැත් ගැන අවසන් තීරණය මෙන්න

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් පැන නැගී තිබූ මතභේදකාරී තත්ත්වය සමථයකට පත් කරමින්, සියලු පාර්ශව එක්ව ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළ කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා මේ බව තහවුරු කළේය.

අලුත් අවුරුදු නැකැත් තීරණය කිරීම සඳහා පත් කර තිබූ නිල නැකැත් කමිටුව මීට පෙර විසුරුවා හැර තිබූ අතර, රජය විසින් නව කමිටුවක් පත් කිරීමට මෙතෙක් පියවර නොගැනීම නිසා ජ්‍යෝතිර්වේදීන් අතර මතභේදයක් නිර්මාණය වී තිබුණි.

මේ හේතුවෙන් කණ්ඩායම් කිහිපයක් වෙන වෙනම නැකැත් ඉදිරිපත් කිරීම නිසා ජනතාව තුළද දැඩි අවිනිශ්චිතතාවයක් හටගෙන තිබුණි.

මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විකල්ප නැකැත් කණ්ඩායමේ ජ්‍යෝතිර්වේදීන් ඇතුළු පිරිසක් අද (16) පෙරවරුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී කණ්ඩායම් දෙකම ඒකාබද්ධ වී එක් නැකැත් සීට්ටුවක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට එකඟ වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED