2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා .
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම “Z” අගයන් අදාළ නිවේදනයේ සඳහන් වේ.
සිසුන් හට ඔවුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පහත සඳහන් ක්‍රම ඔස්සේ දැන ගැනීමේ හැකියාව පවතී .
1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින්
වෙබ් අඩවිය : http://www.ugc.ac.lk
2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමතීම මගින්
දුරකතන අංක : 0112695301/ 0112695302/ 0112692357/ 0112675854
3. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කළ සියලුම සිසුන්ට SMS පණිවිඩයක් හරහා විශ්වවිද්‍යාලයට තේරී පත් වී ඇති බව හෝ නැති බව දැන්වීම සිදු කරනු ඇත.
අදාළ “Z” අගයන් සහිත සම්පූර්ණ නිවේදනය පහතින් ඉදිරිපත් කර ඇත .


