spot_img

ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණයක්

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා .

එසේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා .

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා .

“2025 වසරේ අපි ඡන්ද පැවැත්වුවා. 2024 දීත් අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 6 තුළ කරන්න තමා මුලික අදහස තියෙන්නේ. නීතිමය වශයෙන් බාධාවක් තියෙනවා. ඒවා ඉවත් කරගන්න බලනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ගැන අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේ ඉලක්කය. පළාත් සභා ඡන්දය පවත්වලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED