spot_img

මෙත් TV – හිසතෙල් ගෑමේ මහෝත්සවය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේදී

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට (15) යෙදී තිබුණා.

ඒ නිමිත්තෙන් මෙත් TV මගින් සංවිධානය කරන ලද හිසතෙල් ගෑමේ මහෝත්සවය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම පුදබිමේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණු අතර, නැකැත් සීට්ටුවට අනුව චාරිත්‍ර ඉටු කිරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පුදබිම වෙත පැමිණ සිටියා.

නැකැත් සීට්ටුවේ උපදෙස් පරිදි, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රය මෙහිදී සිදු කෙරුණි.

මේ අතර මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර, දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජනතාව අවුරුදු සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් මෙම චාරිත්‍රයේ නිරත වන බව දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට...

නිවාඩුව අවසන් – රාජ්‍ය ආයතන වැඩ අරඹයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන...

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

ගම්බිම් බලා ගිය ඔබට සතුටුදායක පුවතක් – අද සිට බස් රථ ධාවනයට අලුත් සැලසුමක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින්, යළි සේවා ස්ථාන කරා පැමිණෙන සහ ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන්...

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

වෙනත් ලිපිRELATED