spot_img

මවක හා පුතෙකු ඝාතනය කළ සැකකරුවෙකු හඳුනාගැනේ

ඊයේ (11) සවස් කාලයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා .

මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයා බව පොලීසිය පවසා සිටියා .

ඔවුන් සිය නිවෙස තුළ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනයට ලක් වූ අදාළ තරුණයා පාසල් ළමුන් ප්‍රවහනය කරන ත්‍රීරෝද රථ රියදුරෙකු බවද සඳහන් වේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගේ මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා .

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු හදුනාගෙන තිබෙන බව කරන්දෙණිය පොලීසිය පවසා සිටි අතර ඔහු වයස අවුරුදු 43ක් වන ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනාගෙන ඇත .

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED