spot_img

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල රාජ්‍ය සංචාරය සඳහා අද (27) අමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව අතර පවතින දීර්ඝකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලුත් කිරීම බවයි.

දින හතරක කාලයක් පුරා පැවැත්වෙන මෙම සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වීමට නියමිතය.

එහිදී ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින ඉතා උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුර දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ විශේෂ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

අධිකරණ දෙකක නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවේදී ගිනිබත් කරයි

පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක්...

කටුනායකදී කිලෝ 110ක මත්ද්‍රව්‍ය සමග හසුවූ හිමිවරුන් ගැන විමර්ශන ඇරඹේ – අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විශේෂ හෙළිදරව්වක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන...

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්,...

ඉඩම් ආරවුලක් දුරදිග යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගනී.

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස්...

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද (27) දහවල් 1.00න් පසුව කාලගුණයේ පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද...

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද කැලණියට – හෙට නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය උත්සවය ඇරඹේ.

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ හයවන දිනය අදයි. අද...

වෙනත් ලිපිRELATED