spot_img

”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය කෙරේ

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අම්පාර ප්‍රදේශයේ ඊයේ (20) පැවැති රැස්වීමකට එක් වෙමින් .

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවයි.

“දැන් සීට් බෙල්ට් අනිවාර්ය කරානේ. මම පිළිගන්නවා සමහර බස් නිෂ්පාදනය කරලා එනකොට සීට් බෙල්ට් තිබුණේ නෑ. හැබැයි බස් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න බෑ. දැන් දරුවාගේ පාසල් බෑග් එකේ පටිය දාගෙන යනවා මාව, පොලීසියේ මහත්වරුන්ව රවට්ටන්න. මේ අයට මිනිස්සු 50ක් භාර දෙන්න සුදුසු නෑ ඇත්තටම ගත්තොත්. අපි තීන්දුවක්ම අරන් තියෙනවා පොදු ප්‍රවාහනයට එන්න ඕනේ සීරියස් මිනිස්සු. ඒ නිසා අපි හිතන් ඉන්නවා මිනිස්සු ප්‍රවාහනය කරන හැම රියදුරු මහත්මයාම පොදු ප්‍රවාහන බලපත්‍රය ගන්න ඕනේ. දැන් අපි සැලසුම් හදලා ඉවරයි දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යයෙන්ම PT කියන බලපත්‍රය ගන්න ඕනේ…”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානයෙන් තීරණයක්

ඉරානය අද (18) සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා තැබීමට පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC)...

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

වෙනත් ලිපිRELATED