spot_img

පෙම්වතා මරු කටෙන් ගලවා ඇය සැඟවී යයි .

ඊයේ (20) සවස 5ට පමණ මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා .

ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇළට වැටී ඇත .

එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර එහිදී දෙදෙනාම ඇළට වැටී ඇති බවයි සඳහන් වන්නේ .

පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය .

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියකි . ඇයව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ .

මෙම සිදුවීම සම්බන්ධයෙන් දිවි බේරාගත් තරුණයා මෙලෙස අදහස් දක්වා සිටියා .

“දියසෙවළ තියෙනවා නේ මම ලිස්සලා ගිහින් වැටුණා. එයා අත දැම්මා. එතකොට දෙන්නත් එක්කම ඇළට වැටුණා. මම කසාද බඳින්න ඉන්න කෙනා එයා. එයාව කැම්පස් එකෙන් අරන් හම්බන්තොට ගෙදරට ඇරලවන්න තමා ආවේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED