spot_img

පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි අනුශාසනා මත ලෝකයටම සෙත් පතන අතුරුගිරියේ මහා සදහම් ආශිර්වාදය.

ලෝකය පුරා පවතින යුදමය වාතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින සමස්ත ලෝකවාසීන්ටත්, මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන ආදරණීය ශ්‍රී ලාංකිකයන්ටත් සෙත් පතා සුවිශේෂී ආශිර්වාද වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.

පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය අනුශාසනා සහ මගපෙන්වීම් මත ක්‍රියාත්මක වන මෙම පින්කම, රටටත් ලෝකයටත් යහපත හා සැනසීම උදාකිරීමේ උතුම් අරමුණ පෙරදැරිව සංවිධානය කර ඇත.

මෙම මහා ආශිර්වාද පින්කම් මාලාව ප්‍රධාන පුණ්‍ය භූමීන් තුනක් කේන්ද්‍ර කරගනිමින් සෑම දිනකම සවස 7.00 ට පැවැත්වේ.

අතුරුගිරිය – ශ්‍රී සදහම් පදනම (තිසර මාවත)

හොරණ – බක්කුල මහා සෑ මහා විහාරය

කොට්ටාව – සුව මව් අරණ

ලෝක සාමය සහ ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරමින් සියලු බුදු රජාණන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනාව වන ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ මෙහිදී සජ්ජායනා කෙරේ.

ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන මෙම ආශිර්වාද වැඩසටහන මගින් ලොවටම මෙත් සිතින් සෙත් පැතීම සිදුකෙරේ.

රටටත් ලෝකයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන, පින් රැස් කර ගැනීමට ලැදි සැදැහැවතුන් හට දිනපතා සවස 7.00 ට ඉහත සඳහන් පුණ්‍ය භූමීන් වෙත පැමිණ මෙම උතුම් ආශිර්වාද පූජාවන් සඳහා සහභාගී විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED