දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (02) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද පස්වරු 2:00 ට නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව, පස්වරු 2:00 න් පසුව පහත සඳහන් ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑ හැකිය:
පළාත්: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව.
දිස්ත්‍රික්ක: ගාල්ල, මාතර සහ අනුරාධපුර.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි.

