ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී මන්ත්‍රීවරුන් 364 දෙනෙකු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 194 දෙනෙකු බව සඳහන් වේ .
එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වී තිබෙන අතර ඒ අනුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට සිය ධුරය අහිමි වන අතර සුළුතර ආණ්ඩුව බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ සිය ඉල්ලා අස්වීම හෙට දිනයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙත ඉදිරිපත් කරනු ඇති බව දේශපාලන විචාරකයින් පවසා සිටියා .
ඒ අනුව වසර දෙකක කාලයක් තුළ ප්‍රංශයේ පස්වන අග්‍රාමාත්‍යවරයා පත්වීම සිදුවනු ඇත.

