පවුල් සෞඛ්‍ය සේවාව තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් ඊයේ දින (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙම සාකච්ජාවේ දී පුහුණු කාලය දීර්ඝ කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කිරීම, සූතිකාගාර රාජකාරි කටයුතුවල දී මුහුණදීමට සිදු ව ඇති ගැටලු මෙන්ම තවත් වෘත්තීය ගැටලු රැසක් ඉදිරිපත් කළ අතර, එම ගැටලු සඳහා අවධානය යොමු කරමින් විසඳුම් ලබාදීමට මෙහිදී අවධානය යොමු කර තිබෙනවා .
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක්ව සිටියා.

