spot_img

දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව ඉදිරියටත්

දශක තුනකට අධික කාලයක් පුරා පැවති යුධ ගැටුම් හේතුවෙන් කාගේත් අවධානයට ලක්ව නොතිබූ දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කටයුතු 2020 නොවැම්බර් මස 11 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදු කරනු ලබන අතර

2022 වර්ෂය අවසන් වන විට දාගැබේ උස අඩි 60 ක් පමණ ද, 2024 වර්ෂය අවසන් වන විට එහි උස අඩි 70ක් පමණ ද වැඩ අවසන් කොට තිබුණා.

මෑතකදී,එනම් 2025 අගෝස්තු 25 දින වන විට දාගැබේ උස දළ වශයෙන් අඩි 72 යි අඟල් 04 ක් පමණ වැඩ අවසන් කොට තිබෙනවා.

නැගෙනහිර පළාතේ විශාලතම ස්ථූපය ලෙස සැලකෙන දීඝවාපී චෛත්‍යය පුර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි සම්පුර්ණ උස අඩි 268 යි අඟල් 06 කින් සමන්විත වනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හා සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන් විසින් දීඝවාපීය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරනු ලබන අතර, ඒ අනුව දෛනිකව පිළිස්සු ගඩොල් 6000 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.

තවද, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හා සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන් 700 කට අධික පිරිසක් පුර්ණ ශ්‍රම දායකත්වය ලබාදෙන අතර,දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් විසින් ලබා දෙන මුල්‍ය පරිත්‍යාග මඟින් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ හා සංරක්‍ෂණ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රාග්ධනය සපයනු ලබනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED