spot_img

දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් – ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ජල මණ්ඩලයෙන් හදිසි දැනුම්දීමක්

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බැවින්, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරනවා.

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, පවතින වියළි තත්ත්වය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට (Water Cuts) සිදුවන බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජල පිරිපහදු මධ්‍යස්ථානවලින් ජලය සැපයිය හැක්කේ සීමාසහිත මට්ටමකට බැවින්, ජලය අපතේ යැවීමෙන් වළකින ලෙස ඔහු අවධාරණය කළේය.

මේ වන විටත් ජල පිරිපහදු මධ්‍යස්ථාන සිය උපරිම ධාරිතාවෙන් ජලය නිෂ්පාදනය කර බෙදාහරිමින් පවතී.

වියළි කාලගුණයත් සමඟ ගංගාවල ජල මට්ටම පහත බැසීම නිසා මෝයකටවල් ඔස්සේ ගංගා තුළට ලවණ ජලය (කරදිය) මිශ්‍ර වීම ඉහළ ගොස් ඇති බවද සභාපතිවරයා අනාවරණය කළේය.

පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වාහන සේදීම, ගෙවතු වලට ජලය දැමීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නළ ජලය භාවිතය අවම කරන ලෙස ජල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජල සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා 1939 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසද දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED