අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් 120ක්ව පැවති ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 130ක් දක්වා ඉහළ යනු ඇති.
පාන් මිලට අමතරව අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල (බනිස්, මාළු පාන් ඇතුළු කෙටි ආහාර) මිල ගණන් ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කර ඇත.
පසුගිය දිනවල සිදු වූ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදන පිරිවැය සහ ප්‍රවාහන වියදම් දැඩි ලෙස ඉහළ යාම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතුව වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරනවා.

