ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තවදුරටත් ක්‍රියාත්මක වේ .
එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වී තිබෙනවා .
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව වර්ජනය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කරන බව තැපැල් වර්ජකයන් පවසනවා .
කෙසේ වෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී යළි අවධාරණය කර සිටියේ ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත් හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බවයි .
වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම තැපෑල මගින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත් වුනා .

