spot_img

ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වෙනස් වෙයිද? – ජාතික ගමනාගමන කොමිසමෙන් පිළිතුරක්

ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වෙනස් වෙයිද? – ජාතික ගමනාගමන කොමිසමෙන් පිළිතුරක්

ඩීසල් මිල ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ, බස් ගාස්තු සංශෝධනයක් සිදුවේද යන්න පිළිබඳව මගී ජනතාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදුවූ ඩීසල් මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රමාණවත් බලපෑමක් නොකරන බවයි.

බස් ගාස්තු තීරණය කරනු ලබන විද්‍යාත්මක පදනම සහ පවතින ගාස්තු ප්‍රතිපත්තියට අනුව, මෙම මිල ඉහළ යාම හමුවේ වුවද දැනට පවතින බස් ගාස්තු ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණා.

ඩීසල් මිල මෙලෙස ඉහළ යාම හමුවේ බස් ගාස්තු ද ඉහළ යනු ඇතැයි මගී ජනතාව බිය පළ කළද, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමඟ මගී ජනතාවට යම් සහනයක් ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED