spot_img

ගම්බිම් බලා ගිය ඔබට සතුටුදායක පුවතක් – අද සිට බස් රථ ධාවනයට අලුත් සැලසුමක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින්, යළි සේවා ස්ථාන කරා පැමිණෙන සහ ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් අද (15) සිට විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ, මගී අවශ්‍යතාවය මත අද දිනයේ සිට අතිරේක බස් රථ ධාවනයට එක් කරන බවයි.

මේ සම්බන්ධයෙන් සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවරුන් දැනුවත් කර ඇති අතර, මගීන්ට කිසිදු අපහසුවකින් තොරව තම ගමනාන්ත කරා ළඟා වීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව එහි ධාවන අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

මේ අතර, අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය සියල්ල සුපුරුදු පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, දුම්රිය ස්ථානවල පවතින මගී තදබදය නිරීක්ෂණය කරමින්, අවශ්‍යතාවය අනුව අතිරේක දුම්රිය වාර කිහිපයක් ද ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අවුරුදු සිරිය මැද යළි සේවයට වාර්තා කරන ඔබ සැමට, කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව තම ගමනාන්ත කරා ළඟා වීමට මේ හරහා අවස්ථාව හිමි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

ගමනක් යන්න ඉන්නවා නම් සැලකිල්ලෙන් – අද හවස කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි!

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම පස්වරු 1.00න්...

ප්‍රෙෂර් බලන්න ගිය දොස්තර නෝනාට “ප්‍රෙෂර්” වැඩි කළ රෝගියා – පොලිස් රැකවල් මැද ප්‍රතිකාර!

ලෙඩේට බෙහෙත් ගන්න ඇවිත් රෝහල් ඇඳේදීම විලංගු වැටුණු අපූරු රෝගියෙකු පිළිබඳ පුවතක් කළුතර නාගොඩ රෝහලෙන් වාර්තා වනවා. මතුගම පිඹුර රෝහලේ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට...

නිවාඩුව අවසන් – රාජ්‍ය ආයතන වැඩ අරඹයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන...

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

වෙනත් ලිපිRELATED