යාලා ජාතික වනෝද්‍යානයේ වැටලීම් අංශයේ වනජීවි නිලධාරීන් පිරිසක් විසින් යාල වනෝද්‍යානයේ කලාප අංක එක ප්‍රදේශයේ දෙයින්ගේ වැව ආසන්නයේ විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී ගංජා හේනක් වගා කිරීම සඳහා බිම් සකස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්,මුව මස් කිලෝග්‍රෑම් එක හමාරක්,සතුන් ඝාතනය කිරීම සඳහා යොදාගන්නා කම්බි මදු කිහිපයක් සහ ගංජා හේන වගා කිරීම සඳහා ගෙනවිත් තිබූ ගංජා බීජ තොගයක් ද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාල ජාතික වනෝද්‍යානයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

