ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතව ඇති අතර එම නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා .
ඒ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියා .
ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිමකිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395 කි.
මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති අතර, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිතව ඇත .

