මුළු ලෝකයම බලා සිටියදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනා ඉරානය විසින් අමු අමුවේම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යුද්ධය අවසන් කළ යුත්තේ ඇමෙරිකාවට ඕනෑ විදියට නොව, ඉරානයේ නියමයන් සහ කාලරාමුවට අනුව පමණක් බව පවසමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ලෝකයටම ඇසෙන්නට දැඩි ප්‍රකාශයක් නිකුත් කළේය.
“යුද්ධය ඉවර කරන වෙලාව තීරණය කරන්න ට්‍රම්ප්ට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් ඉරානය මේ වන විට ඇමෙරිකාව අන්දමන්ද කරවන දරුණු කොන්දේසි 5ක් පනවා තිබේ.
ඉරානය පැනවූ ඒ දැඩි කොන්දේසි 5 මෙන්න:
1️⃣ සතුරාගේ ආක්‍රමණ සහ ඝාතන වහාම සහ සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි!
2️⃣ නැවත කිසිම දිනක ඉරානයට එරෙහිව යුද්ධයකට නොඑන බවට ලිඛිත සහතිකයක් දිය යුතුයි!
3️⃣ සිදුවූ සියලුම යුද හානි වෙනුවෙන් පැහැදිලි වන්දි ගෙවීම් සහතික කළ යුතුයි!
4️⃣ කලාපයේ සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දෙන පිරිස් වහාම යුද්ධය නැවැත්විය යුතුයි!
5️⃣ හෝමූස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ බලය සහ ස්වෛරීභාවය ඉදිරියටත් ඉරානය සතුවිය යුතුයි!
ඇමෙරිකාවේ බලපෑම් හමුවේ නොසැලී ඉරානය ගත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී ලෝක දේශපාලනය උඩුයටිකුරු වනු ඇති බවට විචාරකයින් මත පළ කරයි.

