spot_img

හෝමූස් අර්බුදයෙන් ලොව දෙවැනි බලපෑම ලංකාවට : ආහාර මිල 15%කින් ඉහළ යාමේ අවදානමක්

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නෞකා ගමනාගමනය අඩාල වීම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇත

අර්බුදය හමුවේ භාණ්ඩ මිල ඉහළ යාමෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි BBC Verify පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත.

දෛනිකව නැව් සියය කට අධික සංඛ්‍යාවක් ගමන් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනය මේ වන විට අතලොස්සක් දක්වා පහත වැටී ඇති බව BBC Verify වාර්තා කරනවා.

මේ හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමට අමතරව ස්මාර්ට්ෆෝන්, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගෝලීය කෘෂිකර්මාන්තයට අවශ්‍ය යූරියා, පොටෑෂ්, ඇමෝනියා සහ පොස්ෆේට් වැනි පොහොර අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) පමණ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහායි.

මාර්තු සහ අප්‍රේල් මාස උතුරු අර්ධ ගෝලයේ ප්‍රධාන වගා සමයන් වන බැවින්, පවතින පොහොර හිඟය වසර අග භාගයේ බෝග අස්වැන්න අඩු වීමට සෘජුවම බලපානු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමුවහොත් ගෝලීය තිරිඟු මිල 4.2%කින් සහ පලතුරු හා එළවළු මිල 5.2%කින් ඉහළ යා හැකි බව ජර්මනියේ Kiel පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.

Kiel ආයතනයේ දත්තවලට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් භාණ්ඩ මිල වැඩියෙන්ම ඉහළ යා හැකි රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ දෙවන ස්ථානයේයි.

සමස්ත ආහාර මිල ඉහළ යාම අනුව වඩාත් ම දරුණු ලෙස බලපෑමට ලක් වන රටවල් ලෙසින්, සැම්බියාව (30.7%), ශ්‍රී ලංකාව (15.3%), තායිවානය (12.5%), පාකිස්ථාන (11.4%)ක් ලෙස දැක්වෙනවා.

මූලාශ්‍රය | BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED