ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා .
නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවා තිබුනා .
එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකෙරුනු අතර විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණා.

