spot_img

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෘද සැත්කමක් සිදු කළ යුතුයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා .

එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED