හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද බන්ධනාගාර රෝහලට පැමිණ තිබෙනවා .සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත අද (23) උදෑසන 9.30ට පමණ පැමිණ තිබුනා .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.

