spot_img

හක්කා පටස් සහ චීන පටස් හැදුවොත් වැඩ වරදී

රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමති නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය
පෙන්වා දී තිබෙනවා .

නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යංශය පවසා සිටින්නේ .

වගාබිම්වලින් වනසතුන් පළවා හැරීම සඳහා බහුලව භාවිතා වන මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මඟින් පසුගිය කාල සීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබෙනවා .

මිට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුවී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා .

මේ වන විටත් තහනම් කර ඇති හක්කා පටස් සහ චීන පටස් නැමැති මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ .

පොලීසිය සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම නීතිවිරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියා .

එමෙන්ම රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයින් මින් ඉදිරියට මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බව හෝ ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදන බලපත්‍ර අවංලගු කිරීමට ද කටයුතු කරන බවත් ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED