spot_img

සිරුර දවන දැඩි උණුසුම හමුවේ දරුවන් සහ වැඩිහිටියන් දැඩි අවදානමක – පිපාසය එනතෙක් නොසිට ජලය පානය කරන්නැයි සෞඛ්‍ය අංශවලින් හදිසි උපදෙස්..

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ කුඩා දරුවන් සහ වැඩිහිටියන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද දිනයේත් දිස්ත්‍රික්ක රැසක උණුසුම් දර්ශකය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ (13) විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

මෙහිදී අදහස් දැක්වූ වංසගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුවන් ජයසූරිය සහ රිඡ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා යන මහත්වරුන් පෙන්වා දෙන්නේ, පවතින අධික රශ්මිය හමුවේ සිරුර විජලනය වීම වැළැක්වීමට හැකි සෑම විටම ජලය හෝ සුදුසු දියර වර්ග පානය කිරීම අත්‍යවශ්‍ය බවයි.

විශේෂයෙන්ම පිපාසය දැනෙන තෙක් නොසිට නිතර ජලය පානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගත හැකි බව ඔවුන් අවධාරණය කරනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ උණුසුම් දර්ශකය ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

මෙලෙස ඉහළ යන උණුසුම හමුවේ ඇති විය හැකි සිරුරේ මස්පිඩු පෙරළීම, දැඩි විඩාව සහ ආඝාත තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වනවා.

විශේෂයෙන්ම පාසල් දරුවන් සහ එළිමහනේ සේවය කරන පුද්ගලයින් සෘජු හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් සීමා කළ යුතු බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, යම් හෙයකින් අධික විඩාව හෝ ක්ලාන්තය වැනි අසාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED