අලුත් අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් අද (08) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ මගී අවශ්‍යතාවය අනුව දෛනිකව අමතර බස් වාර 800ක් ධාවනයට එක් කර ඇත.
අධිවේගී මාර්ග කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) විශේෂ සේවාවන් ආරම්භ කර ඇති අතර, එහිදී විශේෂයෙන්ම ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලට යන ජනතාව වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවක් ලබා දී තිබේ.
මීට අමතරව, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවාවන් ද මගී පීඩනය අවම වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රවාහන සැලැස්මට සමගාමීව, දුම්රිය දෙපාර්තමේන්තුව ද හෙට සිට විශේෂ දුම්රිය සේවාවන් ආරම්භ කිරීමට නියමිතයි.
ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ පවතින දුම්රිය වාරවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළේය.
:
අධික මගී තදබදයක් පවතින බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ආශ්‍රිතව සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව සහ ප්‍රථමාධාර සේවාවන් ද ශක්තිමත් කර ඇත.
මීට අමතරව, වැඩිපුර මුදල් අය කිරීම් හෝ වෙනත් ගැටලු පවතින්නේ නම් 1955 ක්ෂණික ඇමතුම් අංකය හරහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුවත් කිරීමට ද මගීන්ට අවස්ථාව ඇත.
මෙවර අවුරුදු සමයේදී මිලියන 1.5කට අධික මගී පිරිසක් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

