
“ශ්‍රද්ධාවෙන් සැනසෙන හදවත් වෙනුවෙන්” – පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් කතරගම පුදබිමේදී – photos
ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම අද දින වඩාත් පූජනීයත්වයට පත් වූයේ, ප්‍රවීණ ධර්ම කථික පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ වැඩමවීමත් සමඟයි.
දහස් ගණනක් සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ස්වාමීන් වහන්සේ, අසිරිමත් කිරිවෙහෙර මහා සෑ රජුන් වැඳපුදා ගනිමින් සියලු ලෝකවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කළහ.
කිරිවෙහෙර සෑ රජුන්ගේ ඒ නිසල ගාම්භීරත්වයත්, කතරගම දෙවිඳුන්ගේ ආනුභාවයත් පවතින මේ උතුම් පිං බිමේදී ස්වාමීන් වහන්සේ දැකබලා ගැනීමටත්, උන්වහන්සේගේ වන්දනාවට සහභාගී වීමටත් ලැබීම සැදැහැවතුන් ලැබූ මහත් භාග්‍යයකි.
ලෝකය කෙතරම් කලබලකාරී වුවත්, මෙවන් උතුම් පින්බර මොහොතක් දකින සැම සිතකටම දැනෙන්නේ කිව නොහැකි තරම් ආධ්‍යාත්මික සුවයකි.

