විය
ළි කාලගුණය නිමාවෙයි? ප්‍රදේශ රැසකට ආයෙත් වෙන්න යන දේ මෙන්න!
පසුගිය දින කිහිපය පුරා පැවති වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් සනිටුහන් කරමින්, අද (12) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ අද පස්වරු 2.00න් පසුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමට ඉඩ තිබේ.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් අපේක්ෂා කරන අතර උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ගාල්ල සහ මාතර ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

