ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි සිදුවූ කැපී පෙනෙන ඉහළ යාමත් සමඟ මෙරට දේශීය රන් වෙළෙඳපොළේ ද රන් මිල අද (25) ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
අද පෙරවරුවේ වාර්තා වූ දත්තයන්ට අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,569 දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස ගෝලීය වශයෙන් මිල ඉහළ යාමට සාපේක්ෂව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ද රන් පවුමක මිල රුපියල් 8,000ක සමස්ත වැඩිවීමක් පෙන්නුම් කරයි.
ඊයේ (24) රු. 385,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 393,000 දක්වා ඉහළ ගොස් ඇත.
අද දින නවතම මිල ගණන් අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 361,500ක් ලෙස සටහන් වේ.
මැදපෙරදිග පවතින නොසංසුන්කාරී දේශපාලන තත්ත්වයන් සහ ගෝලීය ආර්ථික පීඩනයන් හමුවේ ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්රං සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම මෙම මිල වැඩිවීමට ප්රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

