කල්පිටිය අරච්චල් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝ 4යි ග්‍රෑමි 454ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අදාළ රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බොට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
ඉතා සූක්ෂම ආකාරයෙන් මාලු දැල්වලට යොදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සුදානම්කර තිබූ බව නාවික හමුදාව පවසා සිටියා .
කෙසේ වෙතත් අත්ඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ .

