මේ වන විට Gov Pay හරහා ගෙවීම් කිරීමට ආයතන 150ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කර සිටිනවා . ඒ අනුව Gov Pay හරහා කරන ලද ගෙවීම්වලින් ලැබූ මුළු අදායම මිලියන 300 ඉක්මවා ඇති බව දත්ත පෙන්වා දී තිබෙනවා .
දැනට ගනුදෙනු 24,391ක් සිදු කර ඇති අතර, ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම Gov Pay හරහා සිදුවන බව අමාත්‍යාංශය පවසනවා .
මෙය ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ලංකා පේ (Lanka Pay) පෞද්ගලික සමාගම ඒකාබද්ධව දියත් කරන ක්‍රියාන්විතයකි.

