රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සේවා සඳහා මීට පෙර ලබා දී තිබූ විශේෂ බදාදා නිවාඩුව ලබන බදාදා (08) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරනවා.
ඒ අනුව, ලබන සතියේ සිට සෑම බදාදා දිනකම රජයේ සියලුම අංශවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවයි එම නිවේදනයේ සඳහන්.

