spot_img

පෘතුගාලේ සුපිරි පාපන්දු තරුවට දිවි අහිමි කළ ලැම්බොගිනිය

ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු වන පෘතුගාලයේ ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සැමෝරාහි සිදු වූ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෝකප්‍රකට ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙල සාමාජිකයෙකු වන ඔහු පැඳවූ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් මෝටර් රථයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබෙනවා.

පෘතුගාලයේ ඩියෝගෝ ජෝටා, පසුගිය ප්‍රිමියර් ලීග් පාපන්දු කිරුල දිනූ ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්.

නේෂන්ස් ලීගයේ අවසන් මහා තරඟයේදී පෘතුගාලය ජයග්‍රහණය කිරීමටද ඔහු සුවිශේෂී දායකත්වයක් දැක්වූවා.

ජාත්‍යන්තර පිටියේදී, ජෝටා පෘතුගාලය වෙනුවෙන් තරග 49කදී ගෝල 14ක් රැස් කර තිබෙනවා.

ඩියෝගෝ, කලක් රූට් කාර්ඩෝසෝ සමග විවාහ ගිවිසගෙන සිටි අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටියා.

ඔහුගේ විවාහ මංගල්‍ය පැවැත් වුණේ පසුගිය ජුනි 22 වනදායි.

ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මෙම අනතුරට පැය කිහිපයකට පෙර වීම විශේෂත්වයක්.

ඩියෝගෝ ජෝටා මියයන විට 28 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සුපිරි පාපන්දු තරු මෙන්ම ක්‍රීඩා සමාජද සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED