යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා .මකුළුගස්වැව පොලිස් වසමේදී මෙම ඝාතනය සිදු වී ඇති අතර පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් යතුරු පැදියෙන් ගමන් කරන ලද මාර්ගය හරස් කර නවතා පහරදී ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කලක පටන් මරණකරු සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා .
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මකුළුගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

