ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් මහතා පදවාගෙන ගිය මෝටර් රථය හලාවත, බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ ඊයේ (මාර්තු 29) රාත්රී 11.45ට පමණ වේ.
මන්ත්රීවරයා පමණක් රථයේ සිට ඇති අතර, ඔහු විසින්ම රථය පදවාගෙන යමින් සිටියදී බණ්ඩාරවත්ත ප්රදේශයේ පිහිටි වංගුවකදී රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී ඇත.
මෙම අනතුරින් මෝටර් රථයට මෙන්ම තාප්පයටද බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අනතුරින් මන්ත්රීවරයාට සිදුවූ තුවාල පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

