spot_img

ප්‍රසිද්ධ නිළියක් තලංගම පොලිසියෙන් අත්අඩංගුවට – කඩුවෙල මහේස්ත්‍රාත් දුන් තීරණය මෙන්න

රංගන ක්ෂේත්‍රයේ කාගෙත් අවධානය දිනා සිටින ජනප්‍රිය නව පරපුරේ නිළියක්, රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තම සමීප හිතවතෙකුගෙන් ලබාගත් රන් මාලයක්, එහි හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුල්ල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට උකස් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එම රන් මාලය උකස් කර ඇය රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

රන් මාලයේ හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ තලංගම පොලිසියේ විවිධ පැමිණිලි අංශය අද (30) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකාර නිළිය අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය.

තම සේවාදායිකාව අදාළ රන් මාලය උකස් කර ඇති බවත්, එය නැවත බේරාගෙන එහි හිමිකරුට ලබා දීමට හැකියාව පවතින බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.

කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, සැකකාර නිළිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

අදාළ රන් මාලය උකස් මධ්‍යස්ථානයෙන් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම වූ අතර, නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැඳවීමට නියමිතයි.

විශ්වාසය පදනම් කරගෙන ලබාගත් දේපළක් සම්බන්ධයෙන් මෙවැනි ජනප්‍රිය තරුවක් නීතියේ රැහැනට හසුවීම ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED