spot_img

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි

ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි

රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒම ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ යි .
ජනපති

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීම ආණ්ඩුවේ වගකීම බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමිනි.

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගන්නා ලද අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහනෙහි අරමුණු පැහැදිලි කරන ලදී.

අනතුරුව “ප්‍රජාශක්ති” ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය හඳුන්වා දෙන ලදී.

ප්‍රජාශක්ති නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරුද, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද, පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු, ජාත්‍යන්තර ආයතන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED