මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්
අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහෙදී පවසා සිටියා .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා
“සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු ආසියානු රටවල මේ මොහොත් වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇනවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. අනෙක් කාරණය විවිධ හේතුමත ව්‍යාපෘති නතර කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් දෙගුණයක් මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයෙන් මේ වෙනුවට. ව්‍යාපෘති 17ක් තියනවා ලංකාවේ නතරවුණ තැනින් ආරම්භ කරනවා ඒ ව්‍යාපෘති 17ට වර්තමානයේ වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 59ක්. නියමිත පරිදි 2018දී 2020දී හෝ 2022දී අවසන් කළා නම් අපිට යන්නේ බිලියන 29යි.”

