spot_img

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයාට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා .

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර, යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශයට පත් වුයේ නැත .

පැවති ඡන්ද විමසීමේදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා .

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බවයි .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

ගමනක් යන්න ඉන්නවා නම් සැලකිල්ලෙන් – අද හවස කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි!

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම පස්වරු 1.00න්...

ප්‍රෙෂර් බලන්න ගිය දොස්තර නෝනාට “ප්‍රෙෂර්” වැඩි කළ රෝගියා – පොලිස් රැකවල් මැද ප්‍රතිකාර!

ලෙඩේට බෙහෙත් ගන්න ඇවිත් රෝහල් ඇඳේදීම විලංගු වැටුණු අපූරු රෝගියෙකු පිළිබඳ පුවතක් කළුතර නාගොඩ රෝහලෙන් වාර්තා වනවා. මතුගම පිඹුර රෝහලේ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට...

නිවාඩුව අවසන් – රාජ්‍ය ආයතන වැඩ අරඹයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන...

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

වෙනත් ලිපිRELATED