ලොව කාර්යබහුල ජීවිතය අතහැර, නිසල වන අරණක නිවන සොයා සැතපුම් දහස් ගණනක් දුර ගෙවා මෙරටට වැඩම කළ චෙක් ජාතික හිමිනමකගේ දිවි ගමන අතිශය ඛේදනීය ලෙස නිමාවී තිබේ.
කුඩුම්බිගල තපෝවනයේ වන සතුන් මැද වසර හතරක් තිස්සේ හුදකලාව මහණදම් පිරූ උන්වහන්සේ, තමන් වහන්සේ වැඩසිටි ගල්ලෙන තුළදීම කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව අපවත් වූ පුවත අසා මුළු මහත් ප්‍රදේශයම කම්පා වී ඇත.
“කුමන ජාතික වනෝද්‍යානයට යාබද කුඩුම්බිගල අඩවියේ භාවනානුයෝගීව වැඩසිටි චෙක් ජාතික හිමිනමක ඊයේ (26) දරුණු වන සත්ව ප්‍රහාරයකින් අපවත් වී තිබේ.
2020 වසරේ සිට ලක් දෙරණේ සසුන් මග හුරු කළ 40 හැවිරිදි මෙම හිමියන්, දිනපතා දානය සඳහා වැඩම නොකිරීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී උන්වහන්සේගේ නිසල දේහය ගල්ලෙන තුළ තිබී හමුවී ඇති අතර, මෙය කොටියෙකුගේ ප්‍රහාරයක් බවට පොලීසිය තහවුරු කරයි.

