පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාවට බලාපොරොත්තු නොවූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ.
ඒ, කලටුවාව සහ ලබුගම යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සීඝ්රයෙන් පහත වැටීම හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කිරීමත් සමඟයි.
මෙම අර්බුදය හමුවේ ඇතැම් ප්‍රදේශවලට පැය 24 පුරා ජලය අහිමි වන අතර, මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම කාලසටහනට අනුව ඔබේ නිවසේ ජල කරාමයත් අද හෝ හෙට වැසී යාමට ඉඩ තිබේ.
ජල මණ්ඩලයේ නිවේදනයට අනුව පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව දැඩිව බලපානු ඇත.
පාදුක්ක ප්‍රදේශයට: අප්‍රේල් 02 වනදා රාත්‍රී 8 සිට අද (අප්‍රේල් 03) රාත්‍රී 8 දක්වා පැය 24ක කප්පාදුවක් දැනටමත් ක්‍රියාත්මක වේ.
හෝමාගම ප්‍රදේශයට: අද (අප්‍රේල් 03) රාත්‍රී 8 සිට හෙට (අප්‍රේල් 04) රාත්‍රී 8 දක්වා ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබේ.
පැලැන්වත්ත ප්‍රදේශයට: හෙට (අප්‍රේල් 04) රාත්‍රී 8 සිට අනිද්දා (අප්‍රේල් 05) රාත්‍රී 8 දක්වා ජලය නිකුත් කරනු නොලැබේ.
මෙහි ඇති වඩාත්ම වැදගත් කරුණ නම්, මෙම ජල කප්පාදුව එක් දිනකට පමණක් සීමා නොවීමයි.
ජල මණ්ඩලය තීරණය කර ඇත්තේ මෙම ප්‍රදේශවලට දින තුනකට වරක් බැගින් ජල කප්පාදුවක් සිදු කිරීමටයි. ඒ අනුව මීළඟ වටයේදී:
පාදුක්ක: අප්‍රේල් 07 වනදා
හෝමාගම: අප්‍රේල් 08 වනදා
පැලැන්වත්ත: අප්‍රේල් 09 වනදා
යළිත් වරක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
කෙසේ වෙතත්, කප්පාදුව සිදු නොවන දිනවලදී අඛණ්ඩව ජලය සැපයීමට බලධාරීන් පොරොන්දු වී ඇත.
ජල මට්ටම් යථා තත්ත්වයට පත්වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මේ මොහොතේ අතිශයින්ම වැදගත් වේ.

