අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා .
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවත් ඊශ්‍රායලය විසින් තමන්ගේ කොන්දේසි පිළිගෙන ඇති බවය.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ගිණුමේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ සිය කොන්දේසි හමාස් සංවිධානය විසින්ද පිළිගත යුතු බවත් පිළි නොගැනීමේ ප්‍රතිවිපාක සම්බන්ධව තමන් හමාස් සංවිධානයට මින් පෙර අනතුරු අඟවා ඇති බවය.
එමෙන්ම මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බවත් මින් ඉදිරියට තවත් අනතුරු ඇඟවීම් සිදු නොකරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ගිණුමේ සඳහන් කර තිබෙනවා .

