spot_img

ජනපති අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වෙයි

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටිනවා .

2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට වූ ශ්‍රී ලංකාව, අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහෙදී පවසා සිටියා .

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ජනාධිපතිවරයෙන් ලබාගත් ජයග්‍රහණයට විශාල සහයෝගයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉටුකළා. මූල්‍යමය ලෙස උදව් කළා. ඒ දායකත්වය ජයග්‍රහණ ලබාගන්න හේතු වුණා.

අපි 2019 මැතිවරණයේ දී 3%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබූ ව්‍යපාරයක්. නමුත් 2024 ජනාධිපතිවරණයේදීත්, පසුව පැවති මහ මැතිවරණයේදීත් ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගනිමින් ජයග්‍රහණය කරන්න ලැබුණා.

2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා.

ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා.

අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම. අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.

අවුරුද්දක් යටකොට අපේ රට ගිලී තිබුණ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගන්න සමත් වුණා.

සියලු ජාත්‍යන්තර සංවිධාන, රේටිංග්ස් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මේ සියල්ල ඉදිරිපත්කළ වාර්තා තුළ තියෙන්නේ ශ්‍රී ලංකාව අර්බුදයකදී එය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් ලෙස.

ආර්ථික විශේෂඥයන් හදුන්වනවා මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණහම ඒ රටට අවුරුදු 10ක් යනවා යළි තිබුණු තත්ත්වයට එන්න.

2022 නම් කඩා රට වැටෙන්නේ, ඊට පෙර තිබුණ තත්ත්වය ඇතිවීමට 2032 වෙනවා.

හැබැයි අපි හිතනවා කඩාවැටීමට පෙර 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන් කියලා”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

ගම්බිම් බලා ගිය ඔබට සතුටුදායක පුවතක් – අද සිට බස් රථ ධාවනයට අලුත් සැලසුමක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින්, යළි සේවා ස්ථාන කරා පැමිණෙන සහ ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන්...

මෙත් TV – හිසතෙල් ගෑමේ මහෝත්සවය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේදී

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට (15) යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් මෙත් TV මගින් සංවිධානය කරන...

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වෙනත් ලිපිRELATED